දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි

November 25, 2015   02:15 pm

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබු දීපව්‍යාප්ත වැඩවර්ජනයක්  අත්හිටුවා තිබේ.

ඒ දුම්රිය බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ වර්ජනය අත්හිටුවා ඇති බව සඳහන්ය.

දුම්රිය රියදුරෙකු විසින් සිදුකළ අත්තනෝමතික ක්‍රියාවක් මුල්කරගනිමින් මීට ටික වේලාවකට පෙර වර්ජනය ආරම්භ කර තිබුණි.

ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් දැනුම්වත් කිරීමකින් තොරව පේරාදෙණිය දුම්රිය ස්ථානයේ දී දුම්රිය රියදුරෙකු විසින් දුම්රිය එන්ජිමක් මාරුකර ඇති බව සඳහන් වුණි.

 දැනුම්වත් කිරීමකින් තොරව සිදුකළ මෙම ක්‍රියාවට විරෝධය පල කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් සුරංග විජේකෝන් මහතා මීට පෙර සඳහන් කළේය.