“කොණ්ඩයා” රිමාන්ඩ්

“කොණ්ඩයා” රිමාන්ඩ්

September 26, 2015   04:47 pm



කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැති සැකකරු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබාදී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය 23 වනදා සේයා සදෙව්මී දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් අතර ඊයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරිණ.

දැරිය ඝාතනය කිරීමට අදාළව සැකකරු විසින් පාපොච්චාරණයක් ද කර තිබූ බව පොලීසිය පැවසීය.