පා පැදියේ ගිය කෙනා මරුට

පා පැදියේ ගිය කෙනා මරුට

September 26, 2015   09:32 am


කල්කුඩා - වාලච්චේන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

 වාලච්චේන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කළ පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් යතුරුපැදිකරු හා පාපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පාපැදියේ පිටුපස ගමන්කළ පුද්ගලයා මියගොස් ඇත.