අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය හෙටයි

අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය හෙටයි

August 31, 2015   09:16 am



අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට ආරම්භවීමට නියමිතයව තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 09.00 ට පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇත.

හෙට දිනයේදී ප්‍රථමයෙන් නව පාර්ලිමේන්තුව සඳහා කතානායකවරයෙකු පත් කර ගැනිමට නියමිත අතර ඒසඳහා රහස් ඡන්දයක් පැවැත්විමට නියමිතය.

ඉන් අනතුරුව කතානායකවරයා මුලසුනට පැමිණිමට නියමිත අතර ඔහු ප්‍රථමයෙන් දිවුරුම් දෙයි.

පසුව මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේදී දිවුරුම් දිමට නියමිතය.

අනතුරුව නියෝජ්‍ය කතානායක කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා යන පත් කර ගැනිම් සිදු කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තු සභාවාරය පස්වරු 03.00 දක්වා කල් තැබෙනු ඇත.

පස්වරු 03.00 ට නව පාර්ලිමේන්තු සැසිය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව ප්‍රථම පක්ෂ නායක රැස්වීම ද හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමිතය.

කෙසේ වෙතත් මේ වන විට කතානායක ධුරය සඳහා කරු ජයසූරිය මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් යෝජනා වී ඇති අතර නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරනු ඇත.