මහින්දගෙන් තොර රටක් නෑ

මහින්දගෙන් තොර රටක් නෑ

August 3, 2015   06:31 pm


එදා තැටිය රත්කර හැදුව රොටිය අමෙරිකන් පිටි දමා සැදූ රොටියක් බවත්, මෙදා එය දේශීය කුරහන්
පිටි දමා සකස් කරගන්නා බව පැවදි හඬ සංවිධානය වෙනුවෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

රට අගාධයට වැටී ඇති බවත්, ඉන් මුදවා ගත හැකි එකම මග මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ පාලකයා බවට පත්කිරීම බවත් උන්වහන්සේ කියා සිටියේ අද (03) පැවදි හඬ හා ජාතික එකමුතුව යන සංවිධාන එක්ව   (03) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේ පැවති
 ආශිර්වාද සමුළුව හා ජාතික සම්මුතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් දෙනු ලැබූ සහන මේ වන විට යළි ගිලගනිමින් සිටින බවද ආනන්ද හිමියන් මෙහිදී පෙන්වාදුන්නේය.

මෙම සමුළුවේ දේශපාලනය ප්‍රවර්ධනය ‍නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියෝග කර තිබුණු බවත්, මෙය කිසිසේත්ම ආගමික උත්සවයක් නොවන බවත්, ආගමික උත්සව පැවැත්වීම සඳහා පන්සල් තියෙන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂගෙන් තොරව රටක් නැති බවත්, මෛත්‍රීපාල සිරිසේන මොනවා කීවත් තමන් බිය නොවන බවත් ආනන්ද හිමියන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.