දෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

July 30, 2015   09:28 am


මෙම වසර සඳහා සියලූම රජයේ පාසල් වල දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් හැර අනෙක් සියලු පාසල් අගොස්තු මස 31 වන දින යළි ආරම්භ වන බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසල් වල තෙවන වාරය සැප්තැම්බර් මස 09 වන දින ආරම්භ වීමට නියමිතය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගොස්තු මස 04 වන දින ආරම්භ වීමට නියමිත අතර එය සැප්තැම්බර් මස 08 වන දින දක්වා පැවැත්වෙයි.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගොස්තු මස 23 වන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.