තංගල්ලේ වෙඩි තැබීමක් - පාතාලයේ උක්කුවා මරුට

තංගල්ලේ වෙඩි තැබීමක් - පාතාලයේ උක්කුවා මරුට

July 26, 2015   11:10 am

තංගල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.


අද උදෑසන සිදුවු මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පතාල කල්ලි සමාජිකයෙකු ලෙස සැලකෙන උක්කුවා නමැත්තෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තාවෙයි.

මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.