හය හැවිරිදි දැරිය විදුලිසැර වැදී මරුට

හය හැවිරිදි දැරිය විදුලිසැර වැදී මරුට

July 7, 2015   10:17 am



නුවරඑළිය, වලපනේ, කලගංවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවස ආසන්නයේ පිහිටි ගොවිපළක දී දැරිය මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

විදුලිසැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු ඇය නිල්දණ්ඩාහින්න රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

 මියගොස් ඇත්තේ  සය හැවිරිදි කලගංවත්ත, උඩකාවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර වලපනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.