පාසල් දැරියට ලිංගික අතවරයක්

පාසල් දැරියට ලිංගික අතවරයක්

May 27, 2015   07:04 pm



ලිංගික අතවරයකට ලක් වූ කිලිනොච්චි, ශිවපුරම් ප්‍රදේශයේ විදුහලක දැරියක් රෝහල් ගත කර තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පාසලේ දෙවන ශ්‍රේණ‍ියේ ඉගෙනුම ලැබූ දැරියකි.

දැරිය තමාට වූ අපරාධය ගැන පාසලේ ගුරුවරුන්ට පැවසීමෙන් පසු ඔවුන් මේ ගැන පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනූව එම දැරිය පරීක්ෂණ සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බව අප වාර්තාකරු කියයි.