ෆුල් ෆේස් හෙල්මට් නීතිය හකුළාගනියි

ෆුල් ෆේස් හෙල්මට් නීතිය හකුළාගනියි

March 9, 2015   04:55 pm



මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

මෙවැනි හෙල්මට් භාවිතයෙන් සිදුවන අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඊට යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය පළ කරන ලදී.

ඒ අනූව අදාළ නීතිය ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි  කටයුතු  ඇමති ජෝන් අමරතුංග පැවසීය.