ෆුල් ෆේස් හෙල්මට් භාවිතය තහනම්
March 2, 2015 01:22 pm
සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් භාවිතය තහනම් කර තිබේ.
ඒ අනුව එළඹෙන මාර්තු 21 වන දින සිට අදාළ තහනම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මෙය අලුත් නීතියක් නොව පැවති නමුත් ක්‍රියාත්මක නොවුණු නීතියක් බවත්,2013 ක්‍රියාත්මක කළද එල්ලවූ බලපෑම් හමුවේ එය අක්‍රීය කිරීමට සිදුවුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මෙවැනි හෙල්මට් භාවිතා කරමින් ඉකුත් වසරේ අපරාධ 127 ක් සිදුව ඇති බවත්,එවැනි අපරාධ යළි ඇතිවීම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ග ගත් බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙවරද බලපෑම් එල්ලවේදැයි නොදන්නා නමුත් මෙවර සුබවාදීව කල්පනා කරන බවයි.