කටගොන්නක් බී සිටි ගුරු උපදේශකට උන්හිටි තැන් අමතකවෙලා

කටගොන්නක් බී සිටි ගුරු උපදේශකට උන්හිටි තැන් අමතකවෙලා

March 3, 2015   10:23 am


ලොතරැයි අලෙවි කරමින් සිටි කාන්තාවකට පුරුෂ ලිඟුව පෙන්වා ඇයට පහරදීමට උත්සාහ කළ  බව කියන ගුරු උපදේශකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පල්ලම පොලීසිය කියයි.

ඊයේ (02) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම පොලිස් වසමේ පොත්තුකුලමේ පදිංචි 59 හැවිරිදි අයෙකි.

සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා විට ඔහු අධික ලෙස මත් පැන් පානය කර සිට ඇත.

තමා පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ ලොතරැයි අලෙවි කරමින් සිටින විට පැමිණි සැකකරු තමාට පහර දීමට උත්සහ කර පුරුෂ ලිඟුව පෙන්වූ බව 42 හැවිරිදි කාන්තාවක් පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.