සුදු වෑන් ගැන සාක්ෂි දෙන්න මම සුදානම්

සුදු වෑන් ගැන සාක්ෂි දෙන්න මම සුදානම්

February 27, 2015   09:00 am



සුදු වෑන් සංස්කෘතියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නේ නම් ඊට සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

විදෙස් ගතව සිටි ඔහු දිවයිනට පැමීණිමෙන් පසු ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා මේ බව ප්‍රකාශ කළේය.

තමන්ට රට හැර යාමට සිදුවූ හේතුව පිළිබඳව ද හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී අදහස් දැක්වීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස වසර ගණනක් සේවය කළ මා හදිසි‍යේ ස්ථාන මාරු කළ බවත්, මාධ්‍ය ප්‍රකාශක ලෙස ස්ථාන මාරු කරන්නට හේතුව පැවැති රජයට අවශ්‍ය පරිදි සත්‍ය වසන් නොකොට මාධ්‍යයට තොරතුරුදීම යැයි විශ්වාස කරන බවත්, ඒ මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස තමන් දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි පොලීසිය කටයුතු නොකරන බවට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ද තමන්ට මෙවැනි බලපෑම් එල්ල  වීමට ප්‍රධාන ලෙස බලපෑ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.

පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ඇතැම් හෙංචයින්ගෙන් තමන්ට තර්ජන එල්ල වූ බවද ඔහු එහිදී පැවසීය.