මන්ත්‍රී පුටුව ඉල්ලා ජෙනරාල් ෆොන්සේකා උසාවි යයි

මන්ත්‍රී පුටුව ඉල්ලා ජෙනරාල් ෆොන්සේකා උසාවි යයි

February 25, 2015   01:32 pm



තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

අදාළ පෙත්සම මඟින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ යුධ අධිකරණය මගින් වරදකරුවෙකු වීමෙන් අනතුරුව තමන්ට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණු බවයි.

එහෙත් මේ වන විට තමන් සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බැවින් එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට හැකියාව පවතින බව ඔහු පවසා ඇත.

එම නිසා තමන්ව අදාළ මන්ත්‍රීධූරයේ පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්  ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම තම මන්ත්‍රීධූරය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ පත්කිරීම අවලංගු කරන ලෙස ඉල්ලා ඇත.