ඉන්දු-ලංකා මූල්‍ය බුද්ධි ඒකකයට තොරතුරු තවදුරටත් හුවමාරුවෙයි

ඉන්දු-ලංකා මූල්‍ය බුද්ධි ඒකකයට තොරතුරු තවදුරටත් හුවමාරුවෙයි

February 21, 2015   11:50 am




මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටුවිම පිළිබද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් තොරතුරු හුවමාරු කරගෙන තිබේ.


පසුගිය පාලන සමයේ විදේශ බැංකුවල සඟවා තිබෙන මුදල් පිළිබද සොයා බැලිම මෙම මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය මඟින් සිදුකරනු ලබයි.


එසේම මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටවන ලෙස වර්මාන රජය පසුගියදා නවදිල්ලියෙන් ඉල්ලිමක් කරන ලදී.


ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් තොරතුරු හුවමාරුකර ගෙන ඇති බව  ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.


ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය තුළදී මේ පිලිබඳව සාකච්ඡා වී ඇති බවද සඳහන්ය.

 
විශේෂයෙන්  හොංකොං ,මැකාවෝ ,ශිසල්ස් වැනි බදු නොගෙවන බැංකු තුළ පසුගිය ආණ්ඩුව විසින් මෙම මුදල් තැන්පත්කර ඇති බවට ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය තුළදී තොරතුරු අනාවරණය වු බව  ඉන්දිය බලධාරින් ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.


 ඒ අනුව මේ පිළිබඳව සොයා බලන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි සහ අනෙකුත් නිලධාරින්ගෙන් ඉල්ලිමක් කර ඇති බව  ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.