නෝර්වුඩ් හි පතල් හැරූ 8ක් මාට්ටු

නෝර්වුඩ් හි පතල් හැරූ 8ක් මාට්ටු

January 28, 2015   03:25 pm

නිතීවිරෝධි අයුරින් පතල් කැණීම් කටයුතුවල නිරත වූ පුද්ගලයින් 08දෙනෙකු හැටන්, නෝර්වුඩ් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අද අළුයම ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.