නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා දිය යුතුයි

නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා දිය යුතුයි

January 28, 2015   03:23 pm

දේශීය සහ බටහිර වශයෙන් වෛද්‍ය ක්‍රමයන් වෙන් නොකළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දේශීය වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍යක්‍රමය එකම වහලක් යටට ගෙන ආ යුතු බව අමාත්‍යවරයා කියයි.

පාරම්පරික වෛද්‍යවරුන්ගේ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සංරක්ෂණය කරමින් නව සොයාගැනීම් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා දිය යුතු බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

රාජගිරිය දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ දීප ව්‍යාප්තව පවතින රෝහල්, එම රෝහල්වලින් ජනතාවට ලබාදෙන සේවාවන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳව එහිදී අමාත්‍යවරයා අවධානය යොමුකර ඇත.

දේශීය වෛද්‍ය විද්‍යාව සඳහා මේ වනවිට ආනයනය කරන ඖෂධ පැලෑටි වර්ග මෙරට වගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.