යෝෂිතට අනුමැතිය නෑ!

යෝෂිතට අනුමැතිය නෑ!

January 27, 2015   12:33 pm

හිටපු ජනපති දෙවැනි පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමට ලබාදුන් ලිපියට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අනුමැතිය ලබාදී නැතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි.

ජනපතිවරණය පැවැති දිනට පසුදින එනම් ජනවාරී 9දාම යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා‍ සේවයෙන් ඉල්ලා අස්වීමට අදාළව ලිපියක් බාරදී ඇති බව වර්ණකුලසූරිය මහතා සිහිපත් කළේය.

කෙසේ වුවද මේ දක්වා එම ලිපියට නාවික හමුදාපතිවරයා අනුමැතිය ලබාදී නැති බව ඒ මහතා කියා සිටියේය.

මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා, නාවික හමුදාවට බැඳුණු ආකාරය, විදේශ රටවල වැඩිදුර පුහුණුව ලබාගත් ආකාරය, රාජකාරීයේ සිටිමින් දේශපාලනය කළ ආකාරය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජවිපෙ නියෝජිතයින් පිරිසක් ඊයේ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.