ජවිපෙන් යෝෂිතට එරෙහිවත් පැමිණිල්ලක්

ජවිපෙන් යෝෂිතට එරෙහිවත් පැමිණිල්ලක්

January 25, 2015   11:54 pm

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව හෙට (26) පෙරවරුවේ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිල්ලක් බාරදෙන බව ජවිපෙ කියයි.

ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගත් ආකාරය නීතී විරෝධී බවත්, වැඩිදුර පුහුණුවක් සඳහා ඔහුට බ්‍රිතාන්‍යයේ ශිෂ්‍යත්වයක් ලබා දුන් ආකාරය හා විශේෂ වරප්‍රසාද ලබා දී දේශපාලන කටයුතුවලට හා රජයේ නිල කටයුතු සඳහා මැදිහත් කර ගැනීම ගැන සොයාබලන ලෙසත් එමගින් ඉල්ලා සිටින බව ජවිපෙ පවසයි.

හෙට පෙරවරු 11.30ට එම පැමිණිල්ල බාරදීමට නියමිතය.

ජවිපෙ විසින් පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 12 දෙනෙකුගේ වංචා දූෂණ සම්බන්ධයෙන් ද සොයාබලන්නැයි අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලදී.