අහුලාගත් මුදල් නෝට්ටු යළි දෙන්න
සයුරෙන් එතෙර

අහුලාගත් මුදල් නෝට්ටු යළි දෙන්න

December 26, 2014   09:59 am

හොංකොංහි දී මුදල් නෝට්ටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබු වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පසු මාර්ගය පුරා විසිරී ගිය මුදල් නෝට්ටු එම ස්ථානයට රැස්වූ පුද්ගලයින් පිරිසක් රැගෙන ගොස් තිබේ.

එසේ රැගෙන ගිය මුදල් නොට්ටු යළි ලබාදෙන ලෙස පොලීසිය එම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අනතුර සිදුවනවිට වෑන් රථයේ තිබු අමෙරිකානු ඩොලර් මිලයන 68 ක් පමණ වටිනා මුදල් නෝට්ටු මාර්ගය පුරා විසිරී යන දර්ශන මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.

සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පිරිස් ඩොලර් මිලියන හතර හමාරක පමණ මුදලක් රැගෙන ගොස් ඇති බව හොංකොං පොලිසිය පවසයි.