මෛත්‍රීපාල මහතාගේ ප්‍රතිපත්තිය ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘

මෛත්‍රීපාල මහතාගේ ප්‍රතිපත්තිය ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘

December 22, 2014   11:33 am

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට පෙරාතුව එජාප පාලන සමයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ප්‍රතිපත්තියට සමාන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.

මේ රට සිංගප්පූරුවක් බවට පත්කිරීමේ සැලසුම් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්ව ඇති බවත්, රාජ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීම සිංගප්පූරුවේ ආදර්ශය බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

2002-2004 කාලයේදී මෙලෙස රාජ්‍ය සේවය කප්පාදුවලට ලක්වුණු බවත්, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කොට රාජ්‍ය සේවකයින් ලක්ෂ 6 දක්වා අඩු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල මහතා කෙටි කලක් තුළ ‘විධායක ජනාධිපතිධූරය‘ අහෝසි කොට විධායක අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදෙන බවත්, එජාප පාලනයක් යළි ගෙන ඒමට මෙරට ජනතාව කටයුතු කරනු නැති බවත් තිස්ස විතාරණ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.