ලෝක සොරුන්  2ක්  මාට්ටු

ලෝක සොරුන් 2ක් මාට්ටු

November 29, 2014   09:23 am

අතුරුගිරිය ප්‍ර දේශයේ සිදුකරන ලද දේපළ කොල්ලකෑම් කිහිපයක සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් සිදුකරන ලද තවත් කොල්ලකෑම් කිහිපයක් සහ ඒ සඳහා සහභාගි වු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී රන් මාලයක් සහ විදුලි උපකරණ තොගයක් ද සොයාගෙන තිබේ.

සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.