ගාල්ලේ සෞඛ්‍ය ‍සේවකයින් වර්ජනයේ

ගාල්ලේ සෞඛ්‍ය ‍සේවකයින් වර්ජනයේ

November 28, 2014   08:16 am

ගාල්ල දිස්ත්‍රික්කයේ මූලික සහ ශික්ෂණ රෝහල් හැර සෙසු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සේවකයින් අද සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කමල් කොඩිකාර මහතා ප්‍රකාශ කළේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වසා දැමීමට විරෝධය පළ කිරීම වර්ජනයේ අරමුණ බවයි.

ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේ පිහිටා ඇති එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇත.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මහ නරග සභා සේවකයෙකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් මේ සඳහා හේතුවී තිබේ.

කෙසේ වුව ද නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙනුර සිංගාරච්චි මහතා ප්‍රකාශ කළේ තමන් නගර සභා සේවකයෙකුට පහරදුන් බවට එල්ල වන චෝදනාව අසත්‍යයක් බවයි.

නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විවිධ හේතු දක්වමින් රාජකාරිය පැහැර හරිමින් සිටින බව නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.