රාජ්‍ය සේවක වැටුප වැඩිකර ඇත්තේ රුපියල් 924යි

රාජ්‍ය සේවක වැටුප වැඩිකර ඇත්තේ රුපියල් 924යි

October 24, 2014   11:16 pm

රාජ්‍ය සේවකයින්ට අවම වශයෙන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අය වැයෙන් සිදුකර ඇත්තේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 924කින් වැඩිකිරීමක් යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පෙන්වාදෙයි.

මෙය වැඩකරන ජනතාව රැවටූ ඉලක්කම් විජ්ජාවක් සහිත අය වැයක් බව අය වැය ලේඛනය පිළිබඳ අදහස් දක්වමින් ඔහු විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

එකී මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් ඉහත පරිදිය.