ලාංකිකයින්ට ත්‍රස්ත චෝදනා ගොනුකරයි

ලාංකිකයින්ට ත්‍රස්ත චෝදනා ගොනුකරයි

October 24, 2014   12:47 pm

ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට සැලසුම් කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව චෙන්නායි හි දිස්ත්‍රික් අධිකරණක් හමුවේ චෝදනා ගොනු කර තිබේ.

පකිස්ථාන අයි.එස්.අයි ආයතනයට සහය දක්වමින් ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත සහීර් හුසේන්, සිවා බාලන් සහ මොහොමඩ් සලීම් නැමති මෙම ලාංකිකයින් තිදෙනා ඉන්දීය ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ‍ෙගන තිබුණි.

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරමින් ඉන්දීය ජාතික විමර්ශන ආයතන නිලධාරින් අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.

එම සැකකරුවන් අතර ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාල නිලධාරින් දෙදෙනෙකු ද සිටින බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත.