වෙඩි තබා ඉන්ධන පිරවුම්හල කොල්ලකයි

වෙඩි තබා ඉන්ධන පිරවුම්හල කොල්ලකයි

October 24, 2014   11:53 am

හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

ඊයේ රාත්‍රීයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියගන්වා කොල්ලකෑම සිදුකර ඇති බව පොලීසිය කියයි.

ඉන්ධන පිරවුම් හලේ තිබු රුපියල් ලක්ෂ 06කට ආසන්න මුදලක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇත.

හොරණ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.