පානදුර පොලීසියට උසාවියෙන් දොස්

පානදුර පොලීසියට උසාවියෙන් දොස්

October 23, 2014   02:25 pm

පානදුර ප්‍රදේශයේ විහාරස්ථාන භූමියකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව කරුණු දක්වන ලෙස පානදුර සහකාර පොලිස් අධිකාරිවරයාට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබු අදාළ කාන්තාවගේ මළසිරුර පසුගිය 10 වන දා සොයා ගෙන තිබු බව සඳහන්ය.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ අදාළ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා නියෝගයක් ලබා දීමට පෙර මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කර එම ස්ථානයේ සාක්ෂි ද විනාශ කර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පානදුර පොලිසියෙන් විමසා සිටියේ අදාළ මළ සිරුර එම ස්ථානයෙන් ඉවත් කළේ කවරෙකුගේ නියෝගයකට ද යන්නයි.

මෙම අපරාධය සම්බන්ධ සිද්ධියේ දී පානදුර මූලස්ථාන පොලිසිය නීතිය බරපතළ ලෙස උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 27 වන දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පානදුර සහකාර පොලිස් අධිකාරවරයාට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.