ඉන්දීය ධීවරයින් 420ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 420ක් අත්අඩංගුවට

October 23, 2014   11:58 am

වසරේ ගතවු මාස 10ක කාලය තුළ යාපනය දිස්ති‍්‍රක්ක මුහුදු සීමා කලාපයෙන් ඉන්දීය ධීවරයින් 420 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් යාපනය දිස්ති‍්‍රක් ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක නඩරාසා ගනේෂමූර්ති මහතා පවසයි.

දකුණු ඉන්දියාවේ සිට පැමිණ යාපනය දිස්ති‍්‍රක්කයට ඔබ්බෙන් මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් බව හෙතෙම කියයි.

ජනපති නියමයෙන් හා අධිකරණ නියෝග යටතේ අත්අඩංගුවට ගත් ධිවරයින්ගෙන් 400 දෙනෙකු මේවන විට නිදහස් කොට ඇත.

ගනේෂමූර්ති මහතා වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් ධීවරයින්ගෙන් 20 දෙනෙකු අධිකරණ නියෝග යටතේ තවදුරටත් බන්ධනාගාරගතව සිටින බවයි.

උතුරු කලාපයේ නාවික හමුදා නිලධාරීන් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදී තිබේ.