සිනමාවේ අර්බුදයට ආණ්ඩුවේ විසඳුම් මොනවාද?

සිනමාවේ අර්බුදයට ආණ්ඩුවේ විසඳුම් මොනවාද?

October 21, 2014   06:03 pm

1947න් ආරම්භ වී එතැන් පටන් අද වන විට 67 වසරක් පිරෙන ශී‍්‍ර ලාංකීය සිනමාව මුහුණදී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ස්ථාවර නියෝග 23/2 යටතේ ඔහු විසින් නැඟු ප්‍රශ්නාවලිය වැඩිදුරටත් පහත පරිදිවේ.

1947 සිට 1972 දක්වා පෞද්ගලික අංශය විසින්ම පරිපාලනය කලා වූ ලාංකීය සිනමාව එකී කාලය තුළදී ඇති වූ විවිධ ගැටලූ හා බාධකයන් දුරලනු වස් සාධාරණ සිනමා ක‍්‍රමවේදයක් සඳහා මූලික අඩිතාලමක් ලෙසට වසර 1972 දී සිනමාකරුවන් මූලිකව එවකට පැවති රජය මඟින් ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කොට ගන්නා ලදී. එනමුත් එකී රාජ්‍ය ආයතනය තම අරමුණු කරා ගමන් ගැන්මේදී ජාතික ප‍්‍රතිපත්තියක් යටතේ නොපිහිටා පුද්ගලික හා දේශපාලන බලඅධිකාරය යටතේ කි‍්‍රයා කිරීම හා එදවස රාජ්‍ය පරිපාලකයන්ගේ සිනමාව පිළිබඳව පුළුල් දැක්මකින් තොරව කි‍්‍රයා කිරීම හේතු කොටගෙන නැවත වරක් මෙකී ජාතික චිත‍්‍රපට සංස්ථාවේ බලතල වසර 1999දී එවකට පැවති පොදු පෙරමුණු රජය විසින් නැවතත් ඩික්සන් නිලවීර වාර්තාවට අනුව යමින් පෞද්ගලික අංශයටම වැඩි ඉඩකඩ හා බලතල සහිතව නැවතත් පැවරීම් සිදු කරන ලදී.

ජාතික චිත‍්‍රපට සංස්ථාවේ මේ වන විට ආයුකාලය වසර 42කි. කෙසේ නමුත් මේ මොහොත වන විට ලාංකික සිනමාව පැටලී ඇත්තේ පඹගාලකය. තත්ත්වය එසේ හෙයින් මේ සඳහා වූ මැදිහත් වීමක් කිරීම තව තවත් කල් නොදැමිය යුතුය. මේ සඳහා අවශ්‍ය ක්ෂණික විසඳුම් ලබාදීමට රජය මේ මොහොතේ අසමත් වන්නේ නම්, කල් අරින්නේ නම්, මඟහරින්නේ නම්, සිනමාව හා එහි නියැලි සියලූ දෙනා ඉදිරි වසර තුළදී දැඩි අභියෝගයන්ට මුහුණ දෙමින් සිනමා ක්ෂේත‍්‍රයෙන් සමුගනු නිසැකය.

මෙම තත්ත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරමි.

01. ඩිජිටල්කරණ කි‍්‍රයාවලියට අනුගත නොවීම නිසා, දැනටත් සිනමාපට විශාල ප‍්‍රමාණයක ප‍්‍රදර්ශන අයිතිය එහි ශිල්පීන්ට හා නිෂ්පාදකවරුන්ට අහිමිව ඇත. දැනටමත් චිත‍්‍රපට පනහක පමණ (2005 සිට) ප‍්‍රදර්ශන පෝලිමක් නිර්මාණය වී ඇත. වසර සීයකට වඩා පැරණි පටලපට (35 mm negative) ප‍්‍රදර්ශන ක‍්‍රමවේදය මුළුමනින්ම ලෝකයෙන් ඉවත්වෙමින් තිබෙන මොහොතක ලාංකීය සිනමාව ඩිජිටල්කරණ ප‍්‍රදර්ශන ක‍්‍රමවේදයට ගමන් නොකරන්නේ මන්ද?

එකී ඩිජිටල් ප‍්‍රදර්ශනය full HD එනම් High Definition ^1920«1080& හෝ 35mm ප‍්‍රදර්ශනයට සමගාමීව යන 2K ප‍්‍රබේදයේ එනම් 2048×1080 යන ප‍්‍රභේදයන්ට අනුගත නොවන්නේ ඇයි? මෙම ක‍්‍රමවේදයන් දෙකම සඳහා සිනමාකරුවන් හා සිනමා සංගම් වාචිකව හා ලිඛිතව තම කැමැත්ත ප‍්‍රකාශකොට සිටිය දී ඒ සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට රජය මැදිහත් නොවන්නේ ඇයි?

02. එකී ඩිජිටල් ප‍්‍රදර්ශනය සඳහා සිනමාකරුවන් එක්ව රජයට බලපෑමක් ලෙස 2014.01.16 දින පැවැත්වූ පාගමනට සාපේක්ෂව කලබලවූ රජය විසින් කලාකරුවන් අරලියගහ මන්දිරයට එක්රැස්කොට සංග‍්‍රහකොට 2014.02.18 දින ජනාධිපතිවරයා මතින් ප‍්‍රකාශයට පත්කරනු ලැබූ ඩිජිටල්කරණ කි‍්‍රයාවලියට සිදුවූයේ කුමක්ද?

03. ශී‍්‍ර ලාංකීය සිනමාවට 67 වසරක් සපිරෙන මොහොතේ (2014.01.21) එහි ප‍්‍රධාන ආරාධිතයා වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප‍්‍රකාශයට පත්කරන ලද මාස 06ක් තුළ මෙකී ඩිජිටල්කරණ කි‍්‍රයාවලිය සිදුකරන බවට දුන් පොරොන්දුව ඉටුවන්නේ කවදාද?

04. සිනමාවේ දිගුකලක් භාවිත පටල පටය ඉදිරි වසර දෙක හෝ තුන තුළ දැවැන්ත අර්බුදයකට ගමන් කරන හෙයින් රජය විසින් ලාංකීය සිනමාව ඉදිරියට පවත්වාගෙන යනු ලබන බවට වන පොරොන්දුව කවරේද?

05. මේ රජය විසින්ම වසර 2010 දී පත්කළ ඩී.බී.නිහාල්සිංහ මහතා සුමිත‍්‍රා පීරිස් මහත්මිය, සෝමරත්න දිසානායක මහතා යන අයගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ කොමිසමට සිදුවූයේ කුමක්ද?

06. රජය විසින් ජාතික චිත‍්‍රපට සංස්ථාව නැවත බලාත්මක කොට එහි පරිපාලනය විධිමත් කොට පෞද්ගලික අංශයට පමණක් බෙදාහැරීමේ අයිතිය නොදී චිත‍්‍රපට ප‍්‍රදර්ශන කි‍්‍රයාවලිය සිනමාකරුවන්ගේ සම අයිතියක් ලෙස පිළිගෙන කි‍්‍රයාකාරීවීමට කටයුතු නොකරන්නේ මන්ද?



අනුර දිසානායක (පා.ම)
2014.10.21