පිස්ටෝරියස් අවුරුදු 5ට හිරේ!

පිස්ටෝරියස් අවුරුදු 5ට හිරේ!

October 21, 2014   03:30 pm

තම පෙම්වතිය වූ රීවා සිටීන්කෑම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට අද වසර 5ක සිරදඬුවම් නියම කර තිබේ.

2013 වසරේ පෙබරවාරි මස 14 වන දින රීවා ස්ටීන්කෑම්ප් ඝාතනයට ලක්විණ.

පසුව පැවති දීර්ඝ නඩු විභාගයේදී ඔප්පු වූයේ, එය සාවද්‍ය ඝාතනයක් බවය.

කෙසේ වුවද එම නඩුවේ තීන්දුව දෙමින් ප්‍රිටෝරියා අධිකරණය ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම කර ඇත.