ඉන්දියාවේ ආරාධනය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිගනියි

ඉන්දියාවේ ආරාධනය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිගනියි

October 17, 2014   06:11 pm

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය සංචාරය අවලංගු වීම හේතුවෙන් එක්දින ක්‍රිකට් සංචාරයකට ඉන්දියාව කළ ආරාධනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලබන නොවැම්බර් 01 වන දා සිට 15 වන දා අතර කාලය තුළ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.