ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් තරඟාවලිය හෙට සිට

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් තරඟාවලිය හෙට සිට

October 14, 2014   01:07 pm

සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.

දෙරට අතර පැවැත්වෙන තරඟාවලියට එක් දින තරඟ 03 ක් සහ 20 යි 20 තරඟ 03 ක් ඇතුළත්ය.

පළමු එක් දින තරඟය හෙට පැවැත්වෙන අතර දෙවන තරඟය 17 වනදාත්, තෙවන තරඟය 19 වැනිදාත් පැවැත්වෙයි.

20 යි 20 තරඟාවලිය ආරම්භ වන්නේ ලබන 23 වැනිදාය.

චමරි අතපත්තු තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.