මත්තේගොඩ ගින්න නිවීමට දෙහිවලින් කෝ‍ට්ටෙන් යයි

මත්තේගොඩ ගින්න නිවීමට දෙහිවලින් කෝ‍ට්ටෙන් යයි

October 2, 2014   08:43 am

මත්තේගොඩ යුද හමුදා ඉංජිනේරු බළකා මූලස්ථානයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ සිදුවූ පිපුරුමත් සමග ඇති වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

අද පෙරවරු 7.30ට පමණ ඇති වූ මෙම සිද්ධියත් සමග ‍කොන්ක්‍රීට් ගබඩාවේ ගින්නක් ඇති වූ බවත්, ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඒ මහතා පවසයි.

මේවන විටත් කෝට්ටේ හා දෙහිවල ගිනි නිවීමේ රථ එම ස්ථානයට පිටත්කර හැරීමට කටයුතු කරමින් සිටින බවද, කියා සිටි ඒ මහතා මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාලයක් සිදුව නැතැයි ද, කීවේය.

‍ගින්න නිසා පුපුරණ ද්‍රව්‍ය බහා තිබූ කොන්ක්‍රීට් ගබඩාව ගිනියම් වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.