ගුවන් තොටුපොළ ආරක්ෂකයාට දඩ නියමවෙයි

ගුවන් තොටුපොළ ආරක්ෂකයාට දඩ නියමවෙයි

September 29, 2014   08:17 am

රත්‍රං තොගයක් සමඟ රේගුව විසින් අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ සේවකයාට රුපියල් ලක්ෂ 02ක දඩයක් නියම කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේ රන් කැබලි 30ක් නීති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටි ගුවන්තොටුපොළ සේවකයෙකු සහ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණී මගියෙකු ඊයේ (28) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

ඔවුන් සන්තකයේ තිබි සොයාගත් රන් කැබලි කිලෝග්‍රෑම් 03ක බරකින් යුතු වූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 150ක් බවට ගණන් බලා තිබුණි.

මෙම රන් කැබලි තොගය රාජසන්ත කළ බව ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේය.