වීඩියෝ:  ප්‍රකාශිත ඡන්දය 65%ට වැඩියි - මැතිවරණය නිදහස් හා සාමකාමියි

වීඩියෝ: ප්‍රකාශිත ඡන්දය 65%ට වැඩියි - මැතිවරණය නිදහස් හා සාමකාමියි

September 20, 2014   08:37 pm

ඌව පළාත් සභා මැතිවරණය නිදහස් හා සාමකාමි ලෙස පැවති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණයට අදාළව අවසන් ප්‍රතිඵලයට බලපෑ හැකි කිසිදු ප්‍රබල සිදුවීමක් වාර්තා නොවන බවද ඔහු කියා සිටියේ අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව 1 වෙනි තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රීයේ ලබාදීමට හැකිවනු ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් මෙවර ඡන්ද විමසීමේදී බදුල්ල දිස්ත්‍රීක්කයේ 68%ක් ද, මොණරාගල 73%ක්ද ඡන්දය ප්‍රකාශ කර ඇති අතර සමස්තයක් ලෙස ගත් කල මැතිවරණයේ 65%ට වඩා ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.