අල ලොරියක් කනපිට ගහලා

අල ලොරියක් කනපිට ගහලා

September 19, 2014   03:05 pm

කොළඹ සිට යාපනය දක්වා අල ප‍්‍රවාහනය කළ ලොරි රථයක් කිලිනොච්චි, මුරුකණ්ඩි ප‍්‍රදේශයේදි අද(19) උදැසන පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කිලිනොචිචිය පොලීසිය පැවසුවේ ලොරි රථයේ ඉදිරිපස රෝදයක් පුපුරායාම හේතුවෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි.

අනතුරින් තුවාල ලැබු ලොරි රථයේ රියදුරු හා රිය සහයක කිලිනොචිචිය රෝහලට ඇතුළත් කොට ඇති බැව්ද කිලිනොච්චිය පොලිසිය පැවසීය.

කිලිනොචිචිය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

සිද්ධිය සමිබන්ධයෙන් කිලිනොචිචිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.