චීනය හා ලංකාව ගිවිසුම් 27ට අත්සන් තබයි

චීනය හා ලංකාව ගිවිසුම් 27ට අත්සන් තබයි

September 17, 2014   09:50 am

චීනය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශවික ගිවිසුම් රැසකට අත්සන් තබා තිබේ.

දෙරට අතර ක්‍රමෝපාය සහයෝගිතා වර්ධනය කරගැනීමේ හවුල, අපරාධ කටයුතු පිළිබඳ පොදු නීති සහයෝගිතා ගිවිසුම, චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ එකඟතා, ජාතික රෝහල් බාහිර ගොඩනැගිල්ලට අදාළ ගිවිසුම, වෛද්‍ය සහ ඉගැන්වීම් උපකරණ ලබාදීමට අදාළ ගිවිසුම, ආදී ගිවිසුම් රැසකට චීන සහ ශ්‍රී ලංකා නියෝජිතයින් අත්සන් තැබු බව සඳහන්ය.

එමෙන්ම ගාලුමුවදොර නව වරාය නගරයේ ඉදිකිරීම් වලට අදාළ ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ සී.එච්.ඊ.සී පොර්ට් සිටි කලම්බෝ සමාගම අතර ගිවිසුම, ලක්විජය බලාගාරයේ අළුත්වැඩියාව, අමතරකොටස් සැපයීම, නඩත්තු කිරීමට අදාළ ගිවිසුම ආදී තවත් ගිවිසුම් කිහිපයකට ද දෙරටේ නියෝජිතයින් අත්සන් තබා ඇත.

ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පැවසුවේ චීනය සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 27 කට එළඹි බවයි.

චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් මහතා අද දිනයේ අග්‍රාමත්‍ය දී.මු.ජයරත්න මහතා සහ කතානායක චමල් රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා කිරීමටද නියමිතය. ඔහු අද පස්වරුවේ ශ්‍රී ලංකා නිල සංචාරය නිම කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.