බුද්ධි අංශ නිලධාරියාට තැලූ පොලිස් ලොක්කා ගෙදර යවයි

බුද්ධි අංශ නිලධාරියාට තැලූ පොලිස් ලොක්කා ගෙදර යවයි

September 15, 2014   11:50 am

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට පහරදීමේ චෝදනා මත පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ දි අදාළ පහරදීම සිදුව ඇති බව වාර්තා ‍ෙව්.

පහරකෑමට ලක්වු බව කියන යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.