කැත මැසේජ් යවා අමාරුවේ වැටෙයි

කැත මැසේජ් යවා අමාරුවේ වැටෙයි

September 1, 2014   04:54 pm

කෙටි පණිවිඩ (එස්.එම්.එස්) මගින් කාන්තාවන්ට ලිංගික බලපෑම් සිදුකළ බවට චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී රිදිබැඳි ඇල්ල දේවාලය අසළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් විවිධ අසභ්‍ය වචන යොදා කාන්තාවන්ගේ ජංගම දුරකථන වලට කෙටි පණිවිඩ යොමු කර ඇති බව වාර්තා වෙයි.

සැකකරු මිනුවන්ගැටේ, වැල්ගාල වදුරැස්ස ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු බව මහව පොලිසිය සඳහන් කරයි.