ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 4ක් ආගිය අතක් නැතිලු

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 4ක් ආගිය අතක් නැතිලු

August 27, 2014   10:46 am

ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ දී ඉන්දීය ධිවරයින් සිව්දෙනෙකු අනතුරට ලක්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සඳුදා මණ්ඩපම් උතුරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසක් කච්චතිව් සහ ඩෙල්ෆ් දූපත් ආශ්‍රිත මුහුදේ මෙලෙස අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් එම ධීවරයින් යළි නොපැමිණීම හේතුවෙන් තවත් ධීවරයින් පිරිසක් ඔවුන් සෙවීම සඳහා සෝදිසි මෙහෙයුමක් සිදු කළද ධීවරයින් සිව්දෙනා සොයා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්ය.

ඒ අනුව අදාළ ධීවරයින් සෙවීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මේ පිළිබඳ චෙන්නායිහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද දැනුවත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.