අධිකරණය ඉදිරිපිටදීම තියුණු ආයුධයකින් පහරදීලා - 1ක් මරුට 2ක් රෝහලේ

අධිකරණය ඉදිරිපිටදීම තියුණු ආයුධයකින් පහරදීලා - 1ක් මරුට 2ක් රෝහලේ

August 25, 2014   12:09 pm

කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දි තියුණු ආයුධයකින් සිදුකළ පහරදිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

නඩු විභාගයක් සඳහා පැමිණි දෙපාර්ශවයක් අතර හටගත් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.