උපුල් ජයසූරියගේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකියි

උපුල් ජයසූරියගේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකියි

August 25, 2014   11:40 am

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතාට ප්‍රබල තර්ජනයක් එල්ලවී නොමැති බැවින් පුද්ගලික ආරක්ෂකයින් යෙදවීම අනවශ්‍ය බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අද(25)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දි තිබේ.

සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා උපුල් ජයසුරිය මහතා විසින් ඉදිරිපත් කර තිබු පැමිණිල්ලක් විභාගයට ගැණුනු අවස්ථාවේ දි ඊට අදාළව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා විසින් සකස් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

උපුල් ජයසුරිය මහතාට පැහැදිලි තර්ජනයක් එල්ල වි නොමැති බවට රාජ්‍ය බුද්ධි අංශ මගින් තහවුරු කර ඇති බව බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

ඊට විරෝධය පළකරමින් උපුල් ජයසුරිය මහතාගේ නීතිඥයින් කියා සිටියේ ඔහුට එරෙහි තර්ජන මෙතෙක් පහව ගොස් නොමැති බවයි.

කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා, දැනට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ සෑහිමකට පත්විය හැකි බව සඳහන් කරමින් නඩු විභාගය ඔක්තෝම්බර් මස 26 වැනි දිනට කල් තැබු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එදිනට පරික්ෂණ වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දි තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.