බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ 3ක් මාට්ටු

බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ 3ක් මාට්ටු

August 2, 2014   08:44 am

බලපත්‍ර නොමැතිව විදේශීය ඖෂධ තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

ඖෂධ ප්‍රවාහනය සඳහා යොදාගත් වැන් රථය ද පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් 22 හා 23 හැවිරිදි ගම්පොළ ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.