සරසවි සිසුන් විරෝධතා පාගමනක

සරසවි සිසුන් විරෝධතා පාගමනක

July 23, 2014   03:34 pm

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 28 දෙනෙකුට එරෙහිව පනවා තිබු පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතා පාගමනක නිරත වෙයි.

විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අහිමි වෙමින් පවතින සිසු අයිතීන් දිනා ගැනීම සඳහා විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.

අද(23) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ වු මෙම විරෝධතා පාගමන මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ගමන් කරමින් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

විරෝධතා පාගමන හේතුවෙන් වසා දමා තිබු නෙළුම් පොකුණ වටරවුමෙන් ගාලුපාරට පිවිසෙන මාර්ගය මේ වනවිට රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

විරෝධතා පාගමන සඳහා විශ්වවිද්‍යල සිසුන් 1000 ක් පමණ එක්ව සිටින බව වාර්තා වෙයි.