තවත් සැක කටයුතු කන්ටේනරයක් විවෘත කරයි

තවත් සැක කටයුතු කන්ටේනරයක් විවෘත කරයි

July 23, 2014   12:29 pm

රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් රේගු බාරයට ගත් තවත් සැකකටයුතු කන්ටේනරයක් අද(23) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී විවෘත කර තිබේ.

කෙසේ වෙතත් මෙම කන්ටේනරය තුළ නීති විරෝධීව මෙරටට ගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 27,000 ක ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම කන්ටේනරය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා තිබු අතර එය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙන්වා තිබු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.