අවුරුදු 3ක් හිරේ තැප ආ තරුණයා මරාදාලා - ඝාතකයින් අතුරුදන්

අවුරුදු 3ක් හිරේ තැප ආ තරුණයා මරාදාලා - ඝාතකයින් අතුරුදන්

July 10, 2014   04:13 pm

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ වසර 03 ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිට පැමිණි පුද්ගලයෙකු මීගමුව, කදිරාන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

අදාළ පුද්ගලයා යතුරු පැදියකින් යමින් සිටිය දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි කදිරාන දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි .

ඔහු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ වසර 03 ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිට පැමිණි පුද්ගලයෙකු බවට පොලිසිය සිදුකළ මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

ඝාතනය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.