බිත්තියේ වැදුණු උණ්ඩය ආයෙත් කකුලට වැදිලා

බිත්තියේ වැදුණු උණ්ඩය ආයෙත් කකුලට වැදිලා

July 10, 2014   12:35 pm

මීරිගම පොලීස් ස්ථානයේදී නිලධාරියෙකු ගිනි අවියක් පිරිසිදු කරමින් සිටිනවිට එය හදිසියේ ක්‍රියාත්මක වීම නිසා ඉන් නිකුත් වූ උණ්ඩයක් බිත්තියේ වැදී පොලීසියට පැමිණ සිටි පුද්ගලයෙකුගේ කකුලේ වැදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

අද පෙරවරුවේ මෙය සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට මාරුකර යවා ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගාමිණි රාජපක්ෂ නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකු බව පැවසෙයි.