ක්‍රිස්මස් දූපතේ මව්වරුන් සියදිවි නසා ගැනීමට තැත් කරලා

ක්‍රිස්මස් දූපතේ මව්වරුන් සියදිවි නසා ගැනීමට තැත් කරලා

July 9, 2014   09:58 pm

ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරක රඳවා සිටින මව්වරුන් කිහිප දෙනෙකු සියදිවි නසා ගැනීමට තැත්කර තිබේ.

තම දරුවන් ඔස්ට්‍රේලියාවේ පදිංචි කළ හැකි බව කියමින් මව්වරුන් 7 දෙනෙකු පමණ ඉකුත් දින කිහිපයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

එම මව්වරුන් ක්‍රිස්මස් දූපතේ සිට පැපුවා නිව් ගිනියාවට හෝ නාවුරු දූපත්වලට රැගෙනයාමට ඉඩ ඇති බවට කර ඇති ප්‍රකාශයක් ගැන ආරංචි වීමෙන් පසුව ඔවුන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති බව සඳහන්ය.

2013 ජූලි මස 19 වැනිදායින් පසු බෝට්ටු මගින් පැමිණෙන පුද්ගලයින් තම රටේ පදිංචි කර නොගන්නා බව ඔස්ට්‍රේලියාව විසින් පවසා තිබුණි.

අදාළ පුද්ගලයින් සරණාගතයින් වුවද එය කළ නොහැකි බව ඔස්ට්‍රේලියාව අවධාරණය කරන ලදී.

ඒ අනූව එලෙස පැමිණෙන පුද්ගලයින් පැසිපික් දූපත් හි සරණාගත කඳවුරුවල රැඳවීමට හෝ නැවත පදිංචිකරවීමට පියවර ගන්නා බවද ඔස්ට්‍රේලියාව පවසා තිබුණි.

එසේ යැවුණු මව්වරුන් පිරිසක් තම දරුවන් ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබාදිය යුතු බව කියමින් මෙලෙස සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.