වියට්නාමයේ ගුවන් අනතුරකින් හමුදාවේ 16ක් මරුට
සයුරෙන් එතෙර

වියට්නාමයේ ගුවන් අනතුරකින් හමුදාවේ 16ක් මරුට

July 7, 2014   04:25 pm

වියට්නාමයේ හැනොයි ප්‍රදේශයේ සිදුවු හෙලිකොප්ටර් අනතුරකින් හමුදා නිලධාරීන් 16 දෙනෙකු මියගොස් තිබේ.

හමුදා පුහුණුවක නිරත වෙමින් සිටි එම්.අයි.171 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

අනතුරට ලක්වු හෙලිකොප්ටර් යානය වියට්නාමයේ තැච්තැට් දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකට කඩා වැටී ඇති බව සඳහන්ය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු තවත් හමුදා නිලධාරීන් පස් දෙනෙකු මියගොස් ඇත.

වියට්නාමයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් වෝ වෑන් තුවාන් පවසන්නේ යානයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.