රජරට සරසවියේ දොර යළිත් වැසී යයි

රජරට සරසවියේ දොර යළිත් වැසී යයි

July 2, 2014   02:18 pm

රජරට විශ්ව විද්‍යාලය යළිත් දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.

වසා දමා තිබුණු සරසවිය යළි විවෘත කරනු ලැබුවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් දේශන වර්ජනය කිරීම නිසා යළිත් වසාදැමීමට සිදුව ඇති බව උපකුලපතිවරයා අද දෙරණට කියා සිටියේය.

ඒ අනුව සිසු සිසුවියන්ට නේවාසිකාගාර වලින් පිටවීමට හෙට සවස 4.00 දක්වා කාලය ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.